ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා සහ රන්වල බලකාය එක්ව ගායනා කරන” සූර්ය මංගල්‍ලේ” ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදී සුරාබදු නිලධාරියෙකි.

පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ අනුව අදාළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.