ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා, ඇල්ල කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව පවසයි.

​ඒ අද (01) එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට එක්වෙමිනි.

පසුගියදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් ඇල්ල – කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණය සඳහා ගොස් ඇත.

එහිදී තත්ත්වය පිරික්සූ ඔවුන් නායයෑමේ අවදානම අවම කිරීමට ජල ප්‍රවාහය වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගෙන තිබූ නමුත් එය තාවකාලික විසඳුමක් බවත් මෙම තත්ත්වය නිරීක්ෂණයට තවත් විශේෂඥයන් කණ්ඩායමක් එහි පැමිණෙන බවත් එහිදී සඳහන් කෙරුණි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තවත් භූ විද්‍යාඥයින් පිරිසක් අද එම ප්‍රදේශයට ළඟාවිය.

නායයෑමේ අවදානමට හේතු සොයා ඔවුන් මේ වනවිට පර්යේෂණ ආරම්භ කර තිබේ.