ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ ඇත. ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගනුවරදී ඒ අනුව පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

විදෙස් මාධ්‍ය සදහන් කර සිටින්නේ මෙම හමුවේදී ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධවත් ඊශ්‍රායල හමාස් අර්බුදය පිළිබඳවත් ඉරාන ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැතිවරයා අතර සාකච්ඡා කර ඇති බවයි.