ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් බඳවාගෙන තිබූ 3000ක පමණ පිරිසක් ස්ථීර කිරීමට වැඩ පිළිවෙලක් නොමැතිකම පිළිබදව අද පාර්ලිමේන්තුවේදි මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් විමසනු ලැබීය

ඊට පිළිතුරු වශයෙන් අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ පාසල් වලට ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීම විද්‍යාපීඨ වලින් නොඑසේනම් ගුරු විද්‍යාල හෝ උපාධිධාරී සුදුසුකම් ලත් අයගෙන් පමණක් සිදුකරන බවයි.

එම බඳවාගෙන ඇති 3000ක පමණ පිරිස අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ පිරිසක් බවද ඔවුන් ඉහත කී සුදුසුකම් සපුරා නැති බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් පවසා සිටියා