වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඒ අතරින් මාරක රිය අනතුරු වලින් පමණක් පුද්ගලයින් 685 ක් මියගොස් ඇති නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31ක අඩුවීමක් වාර්තා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගිය වසරේ රිය අනතුරු 713කින් 744 දෙනෙකු මියගොස් තිබුණි.
මේ අතර උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරන අතර මාරක රිය අනතුරු වලින් පමණක් පුද්ගලයන් 103න් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය පවසන්නේ මෙම උත්සව කාලය තුළ රිය අනතුරු 934 සිදුව ඇති බවයි.
කෙසේ නමුත් පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 23 ක අඩුවීමක් වාර්තා වී ඇති අතර ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126 කින් 128 දෙනෙකු මියගොස් ඇත.



