දකුණු චීන මුහුදේ මාස හතරක ඒකපාර්ශවික ධීවර තහනමක් පැනවීමට චීනය කටයතු කිරීමට එරෙහිව පිලිපීනය විරෝධය පළ කරන බව පිලිපීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පිලිපීනය  පැවසුවේ, වාර්ෂිකව ධීවර තහනමක් පැනවීම දකුණු චීන මුහුදේ ආතතීන් ඉහළ නංවන බවයි.

ඒ අනුව පිලිපීනයේ ස්වෛරීභාවය සහ ස්වෛරී අයිතීන් උල්ලංඝනය කරන “නීති විරෝධී ක්‍රියාවලි නවත්වන ලෙස සහ ඒවායෙන් ඉවත් වන ලෙස” පිලිපීන විදේශ අමාත්‍යංශය චීනයෙන් ඉල්ලා තිබෙනවා.

චීනය විසින් පැනවූ එම තහනම ලබන සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙම තහනම රාජ්‍ය තාන්ත්‍රික තහනමක් වන නමුත් පිලිපීනය කළ ඉල්ලීමට චීන තානාපති කාර්යාලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.