චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් ඊයේ (24) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.
දෙපාර්ශ්වය අතර සිදු වූ මෙම සුවිශේෂී සාකච්ඡාව පැයක කාලයකට පමණ සීමා වූ අතර, මෙම සාකච්ඡාවට අමතරව විනාඩි 45ක කාලයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන් අතර, මුහුණට මුහුණ පෞද්ගලික සාකච්ඡාවක් ද පැවැත්වුණා.
මෙහිදී ආර්ථික, වානිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.
චීනයේ ආර්ථික සංවර්ධන මොඩලය අප රටට ආදේශ කර අප රට පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇති අතර,එහි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කියා සිටියේ මෙරට ආර්ථිකය නැවත පණ ගැන්වීම උදෙසා අමෙරිකානු ඩොලර් මිලියනයක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන බවයි.
එහි දී විපක්ෂ නායකවරයා විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ද පැමිණ සිටි දූත පිරිස දැනුවත් කර තිබුණා.
එමෙන්ම, මේ වසර මැතිවරණ වසරක් බැවින් එහි වැදගත් කමද ඔහු විසින් පැමිණ සිටි පිරිසව දැනුවත් කරන ලද අතර, ජනතාව අපේක්ෂාවෙන් සිටින ජනතාවාදී පාලනයක් ගොඩ නැගීම වෙනුවෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය සූදානම් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
මේ අවස්ථාව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන් මෙනවිය, චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් Lin Tao, මෙරට චීන තානාපති කාර්යාලයේ නියෝජිත චෙන් ෂියැන්ග්යුවාන් , චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ Li Jinyan , එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෙන් ජුන් මහත්මිය, උප ඇමති ලේකම් ජින් යාන් මෙනවිය, තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කරන ජින් එන්සේ සහ භාෂා පරිවර්තන ෂැං ගුයු එක් වී සිටියා.
එසේම, සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, හර්ෂණ රාජකරුණා සහ නලින් බණ්ඩාර යන පිරිස සහභාගී වුණා.