බංග්ලාදේශයේ සාර්ථක ක්රිකට් තරග සංචාරයකට පසුව ජයග්රාහී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ (4) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් ටෙස්ට් තරගාවලිය 2 – 0 ක් ලෙස ජයගත් අතර විස්සයි විස්ස තරගාවලිය 02 – 01 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මෙම ජයග්රාහී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ දින පස්වරු 04.45 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සිය අදහස් දක්වමින් විදේශ තරග සංචාර වලදී ඒ රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අපහසු උනත් , අපේ කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කළ නිසා මෙම තරගාවලිය ජය ගැනීමට හැකි වූ බව පැවසීය .
එසේම ඉදිරි එංගලන්ත තරග සංචාරය සාර්ථකව ජයග්රහණය කර ගැනීම සදහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .