පළමු වරට රොබෝවරයෙක් සියදිවි හානි කරගනියි

දකුණු කොරියාවේ රජයේ සේවකයෙකු ලෙස සේවය කළ රොබෝවරයකු මෙලෙ​ස සියදිවි හානි කරගෙන තිබෙනවා..

මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයෙකු ලෙස ලියකියවිලි එහා මෙහා රැගෙන යන කාර්යාක සහයක රැකියාවක නිරත වූ රොබෝවරයෙක්.

ඔහු සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහළ අතර පඩිපෙළෙන් පැන රොබෝවරයා සියදිවි හානි කරගෙන ඇති බවට සැක පලකරන අතර සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළ කළා.

මේ වන විට රොබෝවරයාගේ සිරුර නගර බළධාරීන් රැගෙන ගොස් ඇති බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා