ආණ්ඩුවේ මර්දනකාරි වැඩපිළිවෙලට එරෙහිවත් දෙමළ ජනතාවගේ පැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් පොදු සංවිධාන එකමුතුවත් පිහිටුවාගෙන තිබේ.

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරනු ලබන දෙමළ දේශපාලන පක්ෂ හතක් හා සිවිල් සංවිධාන වල සහභාගිත්වයෙන් මෙම එකමුතුව පිහිටුවා ඇත.

මෙම එකමුතුව පිහිටුවා ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා (10) වව්නියාවේදි පැවැත්වුණු අතර එහිදි විශේෂ කමිටු දෙකක් පිහිටුවා ගනු ලැබු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක් කලනාදන් මහතා පැවසීය.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හා වනසංරක්ෂණ දෙපාතුමේන්තුව විසින් සිදු කරනු ලබන ඉඩම් ආක්‍රමණ වැළැක්වීම, උතුරු නැගෙනහිර පළාත් බෞද්ධකරණය කිරීම වැළක්වීම යන අරමුණු වෙනුවෙන් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් එක් එකමුතුවක්ද ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරි වැඩපිළිවෙලට හා යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිවත් අඛණ්ඩ විරෝධතාවයක් සංවිධානය කිරීමට තවත් එකමුතුවක්ද පිහිටුවගෙන තිබේ.

මෙම සාකච්ඡාවට ඊපීආර්එර්එෆ්, දෙමළ ජාතික පක්ෂය, ප්ලොට්, ටෙලෝ , ඉලංගෙයි තමිල් අරසු කච්චි, තමිල් මක්කල් තේසීය කුට්ටනි යන දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් හා ආගමික සංවිධාන වල නියෝජිතයින් සහභාගී වී තිබුණහ.

රාජිනි මෙන්ඩිස්