මෙවර මහ කන්නය සඳහා ගොවින් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග ගොවි ජනතාව සතුව පවතින්නේ නම් ඒවා වහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

බඩ ඉරිගු වල හිඟයක් පවතින බැවින් යලිත් බඩඉරිඟු ආනයනය කිරීමට ද රජය තීරණය කර තිබේ.

මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවින් තමන් සතු බඩ ඉරිඟු තොග ගබඩා කර තැබීමට කටයුතු කළත්, බඩ ඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත.

එබැවින් දැනට වෙළඳපලේ බඩඉරිඟු සඳහා හොඳ මිලක් පවතින බැවින් තමන් සතු බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිර්මාණි ගුණරත්න