මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 25කට අධික පලපුරුද්දක් ඇති සේවක පිරිසක් සහිත ආයතනයක් වන ඩ්‍රයිවිලයින් ආයතනය මෙවර පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.

මෙම උළෙල පසුගිය අප්‍රේල් 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම  පරිසර අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙරට පරිසර සමතුලිතතාවය හා එහි ආරක්ෂාව සංරක්ෂණය වෙනුවෙන් කැපවුනු පුද්ගලයින් හා ආයතන හදුනාගැනීමටත් ඒවා බල ගැන්වීමටත් කෙරෙණු ලබන ප්‍රධාන හා අද්විතිය වැඩසටහනක් ලෙස සැලකේ.

ඩ්‍රයිව්ලයින් ආයතනය තම ආයෝජනයේදී මෙම පරිසර හිතකාමී බවට ප්‍රායෝගිකවම මුල්තැනදී කටයුතු කරණු ලබයි.

එය අද්විතීය පාරීභෝගික සේවාවට මෙන්ම පාරිසරික සමතුලිතභාවය රැකගැනීමට එක සේ ඉවහල් වී ඇත.

ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරණු ලබන ශාන් කාවෝ මහතා මෙහෙදි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරණු ලබන අතර ඉදිරියේදි මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනයන්හට පරිසර සමතුලිතතාවය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට දිරිගැන්වීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට අදහස් කරන  බවද පවසා ඇත.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘අපිට හම්බ උනේ ලෝකඩ පදක්කමක්. අපි තේරුනේ වාහන සේවා කිරීම අංශයෙන්. එහිදී ඔවුන් බලන්නේ බලශක්ති භාවිතාව කොතරම් පාලනය කෙරමින් කටයුතු කරනවාද කියලා. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ , ශබ්දය අවම වශයෙන් භාවිතා කරනවාද යන්න පිළිබඳව ආදී කරුණු කිහිපයක් මූලික කරගනිමින් තමයි ඔවුන් විනිශ්චය කරන්නේ. ඒ වාගේම ආයතනයක් වශයෙන් පරිසරය සම්බන්ධව සමාජ සත්කාරක සේවා පිළිබඳව ද ඔවුන් සොයා බැලීමක් සිදුකරනවා. එහිදී අපේ අප ආයතනය පරිසර සම්බන්ධයෙන්  පැළ සිටුවීම ,චිත්‍ර තරග ආදී වැඩසටහන් සිදු කරලා තියෙනවා. ඒ වගේම සේවා ස්ථානය හරිත සංකල්පය වෙනුවෙන් කෙතරම් ඉඩක් භාවිතා කරලා තියෙනවද කියලා බලනවා. ප්‍රධාන වශයෙන් ඔවුන් බලන්නේ ආයතනයට පරිසර ප්‍රතිපත්තියක් තියෙනවද කියලා. අපි ආයතනයක් වශයෙන් පුළුවන් තරම් පරිසර හිතකාමී විදියට තමයි වැඩ කරන්නේ. ඉදිරියේදී අපේ බලාපොරොත්තුව තමයි අපේ ශ්‍රම දායකත්වය 50% වැඩිදියුණු කරන්න. ඒ කියන්නේ ගැහැනු පිරිමි පාර්ශව දෙකම. අපි මේ වෙනකොට එක පටන් අරගෙන තියෙනවා.ඔටෝමොබයිල්  කියන ක්ෂේත්‍රයට කාන්තා පාර්ශ්වය අඩුයි. අපි ඒක වැඩි දියුණු කරන්න උත්සාහ කරනවා’