පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වී යනු ඇත.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව සඳහන් වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත.

සසිඳු සහන් තාරක