ඊයේ (13) දින  අධිකරණ සේවා කොමිසන් සභාවට, “මගේ රට“, “ජාතික ක්‍රියාකාරි පෙරමුණ “ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව වත්මන් පොලිස්පති දේශබන්​දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ සේවා කොමිසන් සභාවට පැමිණිල්ලක්  ඉදිරිපත් කළා.

පොලිස්පතිවරයාට එරෙහිව අරලයගහ මන්දිරයෙන් හමුවූ ​මුදල්  පිළිබද නඩුවත් , හමුදා සෙබලෙක් පැහැරගෙන අමානුෂික වද හිංසා පැමිණවීම පිළිබද නඩුවත් ,හරක් කටා සම්බද්ධව නඩුවත් ආදී නඩු  රැසක් තිබියදි එම නඩු විනිශ්චය සදහා සිටින විනිසුරුවරුන් තමන්ගේ උපන්දින සාද වලට ගෙන්වා ගැනීමෙන්  පොලිස්පතිවරයා අධිකරණ ස්වාධීනත්වය කෙලසා දමන බව “මගේ රට “ සංවිධානයේ  සභාපති සංජය මහවත්ත පවසනවා.  

මේ සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන කටයුතු සිදුකොට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරදෙන මෙන් සිවිල් සංවිධාන අධිකරණ සේවා කොමිසන් සභාවෙන් ඉල්ලා සිටිනවා .