මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය එරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.
ඔහුගේ මහජන ජාතික කොංග්‍රසය මන්ත්‍රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ආසන 66 ක් දිනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ජයග්‍රහණය චීනය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ජනපති මුයිසුගේ ප්‍රතිපත්තියට ශක්තිමත් පිටුබලයක් වන බව බොහෝ දෙනාගේ අදහසයි
චීනයට පක්ෂපාතී ලෙස සැලකෙන මාලදිවයිනේ ජනපති අවශ්‍ය වන්නේ තම රට තුළ ඉන්දියාවේ දිගුකාලීන බලපෑම අඩු කිරීමට බව ඔහු සඳහන් කර තිබෙනවා
මෙම මැතිවරණ ජයග්රහණයෙන් “සුපිරි බහුතරයක්” ලබා ගෙන ඇති මහජන ජාතික කොංග්‍රසය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තුව බලයද ලබා ගැනීමට සමත්ව ඇති බව සඳහන්.