වත්මන් මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් සහ ඔහුගේ පුහුණුකරු ඊයේ (11දා) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජීවිතක්ෂයට පත්වන විය ඔහු 24වැනි වියේ පසුවිය.

කිප්ටම් ඔහුගේ රුවන්ඩා පුහුණුකරු සහ තවත් කාන්තාවක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

කිප්ටම් පසුගිය වසරේ පැවැති චිකාගෝ මැරතන් තරගය පැය 02යි තත්පර 35කින් අවසන් කර නව ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් විය.