සංචාරක උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් උගන්ඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 87ක් රැස් කළ අතර, එහිදී මල්ෂ තරුපති ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 88ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 25ක් රැස් කළේය.