මෙරට බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බව මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි.

එසේම දෛනිකව මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා කියා සිටියේ
මෙරට වයස අවුරුදු 05 දරුවන්ගෙන් සියයට 63කගේ දත් දිරාගොස් ඇති බවයි.

කුඩා දරුවන්ගෙන් බහුතරය රාත්‍රී නින්දට පෙර දත්මැදීම සිදුනොකරන බවට පාසල් සෞඛ්‍ය සමීක්ෂණවලදී අනාවරණය වී ඇති බව විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය.