පොහොට්ටුවේ ප්‍රභල සාමාජිකයන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේග සංධානයට එකතුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාෂ කලා.

ඒ අනුව ඩිලාන් පෙරේරා , අචාර්ය ජී.එල් පීරිස් , නාලක ගොඩහේවා, කේ.බී කුමාරසිරි, වසන්ත යාපා අබේවර්ධන සහ දොස්තර උපුල් ගලප්පත්ති හෙට දිනයේදී සමගි ජන බලවේගය සංධානය හා එක්වීමට නියමිත බවත් ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් මෙම සංධානය සමග එක්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසා සිටියා .

ජනවරමක් නොමැති රනිල් රාජපක්ෂගේ අලි පොහොට්ටු හවුලේ තව දුරටත් සිටිය නොහැකි බැවින් එම තීරණය ගත් බව එතුමා තව දුරටත් පවසා සිටියා .

ජනාධිපතිවරණය සදහා තමාගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට බව ඩිලාන් පෙරේරා මහතා මෙහිදි සදහන් කළා.