ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකයෙකු වන මනි ෂංකර් අයියර්, පාකිස්ථානය සතුව පරමානු බෝම්බ පවතින බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂය ජනතාව බිය වද්දන බව දෝෂාරෝපණය ක​ර ඇත.

අග්‍රාමාත්‍ය මෝදි ඔඩිෂා ප්‍රාන්තයේ පැවති රැස්වීම​ක් අමතමින් පාකිස්ථානය, රටේ පරාමාණු බෝම්බ තිබුණත් ඒවා අලෙවි කිරීමට අයෙකු සොයමින් සිටින තත්ත්වයක් දක්නට ලැබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියාව බිය ගැන්වීමට කොංග්‍රසය නැවත නැවතත් කටයුතු කරමින් සිටින බවට ද ඔහු එහිදී චෝදනා කර ඇත.