යල කන්නයේ වී වගා කටයුතු සදහා රජය ලබාදෙන මූල්‍ය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටින්නේ හෙක්ටයාරයකට රුපියල් 15000 ක මුදලක් ගොවීන්ට හිමිවන බවයි. මෙම මූල්‍ය සහනාධාරය ලබාදීම සදහා රජය විසින් වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 7.5කි.