රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ විදුලි බිද වැටීම් දක්නට ලැබුනා.

එහිදි පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක්ද ඒ අතර වාර්තා වී ඇති බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළා,.

එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත්, විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දක්වා තිබෙනවා.

විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකියි.