ලංකා ගමනාගමන මණ්ඩලය කිසිදු හේතුවක් මත පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන පවසා ඇත.

2025 වන විට සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්ත්වයට පත් කරන බව ද ඇමතිවරයා සදහන්  කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට එක්වෙමින් ඔහු ඊයේ (07) මෙසේ ප්‍රකාශ කර ඇත.

රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී පැවැත්වු අතර මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23ක් බව සඳහන් වේ.