නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා ඇත.

ඒ අනුව නව විදුලි ගාස්තු ලබන ජූලි මස 01 වනදා සිට බලාත්මක කිරීමට නියමිතය.

නව විදුලි ගාස්තු සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු යෝජනා කර තිබෙන අතර එම යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැනගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව ලබන ජුනි මස 01 වනදා මණ්ඩලය යෝජිත ගාස්තු සහ කොමිෂන්මේ ප්‍රතියෝජනාව ප්‍රසිද්ධ කරන බව එහි සභාපති ජනක රත්නායක අනාවරණ කර තිබේ.