විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය තම වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසාසිටිනවා.

වැටුප් විෂමතාවන් නිවැරැදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට ගත් යෝජනාවට ඔවුන් මෙලෙස සිය විරෝධතාව දක්වමින් මෙම තීරණයට එළඹි බවත් කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවත් ඔවුන් වැඩි  දුරටත් සදහන් කර සිටියා.

ඒ අනුව පවතින ගැටළු සඳහා නිසි විසඳුම් ලබාදෙනතෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කෙරෙන බව ඔවුන් අවධාරණය කර සිටියා.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට දවස් 27ක් සම්පූර්ණ වනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන ලෙසට කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ද දැනුම් දී තිබෙනවා.