ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් වී ඇත.

දෙරට අතර මෙම ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබාගත් අතර අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 143ක් ද දෙවන ඉනිම සඳහා ලකුණු 168ක් ද ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න (179), කුසල් මෙන්ඩිස් (140), දිනේෂ් චන්දිමාල් (නොදැවී 102) සහ සදීර සමරවික්‍රම (නොදැවී 104) ශතක රැස්කර ගැනීමට සමත් වූහ.

අයර්ලන්ත පළමු ඉනිමේදී කඩුලු 07ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදී කඩුලු 03ක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබේ.

 

ටෙස්ට් ඉතිහාසයේ 12 වැනි විශාලතම ඉනිමක ජයග්‍රහණය මෙය බව ද සදහන් වේ.

වසර 15කට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ටෙස්ට් ඉනිමකදී ශතක හතරක වාර්තාවක් ද සටහන් වි තිබේ.

පිටියේ ටෙස්ට් ශතකයක් දිමුත් කරුණාරත්න මව්බිමේදී ටෙස්ට් ශතක 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා බවට පත් වී ඇත.

තව ද සධීර සමරවික්‍රම වසර හතක් ඇතුළත ටෙස්ට් ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා කඩුලු රකින්නා බවටද පත් විය.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය එළඹෙන 24 වනදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතය.