මෙවර 20යි විස්​ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය ලෝඩර්හිල්හිදී නේපාලයට එරෙහිව පැවැත්වීමට නියමිතයි

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12දා) අළුයම 5.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් ක්‍රීඩාංගණයෙන් ලැබෙන වාර්තා අනුව මෙම ප්‍රදේශයට දින කිහිපයක සිට දැඩි අකුණු සහිතව වර්ෂාවක් ඇඳ හැලෙමින් පවතන බවද වාර්තා වේ.

එසේ වුවහොත් ශ්‍රී ලංකා – නේපාල තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි ප්‍රවණතාවක් තිබෙන බව සදහන්

තරගය පැවැත්වෙන Central Broward Stadium (The CBRSP) ක්‍රීඩාංගණයේ අකුණු අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්ද ස්ථාපිත කර ඇති අතර, අද දිනයේද එම පද්ධතිය විටින් විට නාද වී තිබෙනවා