වැටුප් වැඩිවීම  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිරත වූ  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය‍ පවසා සිටිනවා

ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවැත්වූ  සාකච්ඡාවෙන් අනතුරු​ව මෙම තීරණය ගත් බව සදහන්

ඒ අනුව  ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවත් ඒ හේතුවෙන් සිය වැඩවර්ජනය නතර කළ බවත්  ​ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පවසා සිටියා