වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් 988කට  විශේෂ සමාවක් ලබා දී  තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි නිදහස් වීමට නියමිතව ඇත.

ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබේ.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවය.

රැදවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.