රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී   රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලැබූ සූරිය මංගල්‍යයේ  ගීතය විකෘති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන සුරාබදු නිලධාරියෙකි.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි