මියන්මාර බන්ධනාගාරයේ රදවා සිටින මියන්මාරයේ ප්‍රබල දේශපාලන නායිකාවක්වන අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කර ඇති බව එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් සදහන් කර සිටියි.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මියන්මාරයට බලපා තිබෙන දැඩ් උෂ්ණත්වය හේතුවෙන් අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බවයි. අවුන් සාන් සුකී පමණක් නොව මහලු වයසේ සිටින සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කර ඇති ස්ථානය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත සඳහනක් නොමැත.