පසුගිය සති අන්තයේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමග ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය පවසයි.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දින වලදී එම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පවසා සිටින අතර  යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෆ් බොරෙල් ද ඔවුන් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම සඳහා කටයුතු කරමින් සිටින බව පවසා සිටියි