රටේ ආර්ථිකය ස්ථාවරවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

එතුමා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ G -24 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින්ය.

වැඩිදුරටත් මෙහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා රජය සිදුකර තිබෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙමින් පවතින බවත් එසේ වුව ද තවදුරටත් ද්ව් පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරන බවයි.

අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ සෘජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබා ගැනීමකින් තොරව රටේ ආර්ථිකය නව මාවතක් කරා යොමු කිරීමට රජය වර්තමානයේදී කටයුතු කර්න බව අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියේ ය.

ශ්‍රී ලංකාව තුළ Release ශුන්‍ය කාබන් ආර්ථිකයක් සකස් කිරීමට සැළැස්මක් සකස් කර ඇති බවත් ශ්‍රී ලංකාව දැනටමත් සමුද්‍රීය අවකාශීය සැළැස්ම කෙටුම්පත් කිරීමට මුල පුරා ඇති බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා මෙම සමුළුවට එක්වෙමින් සදහන් කළේය.