ආරථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සුරක්ෂා සිසු රක්ෂණාවරණය යලි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් අනුවයි

ජුනි මස මුල් සතියේ සිට දිවයින පුරා සියළුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රථිලාභ ලබා ගැනීමේ හැකියාව උදාවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

මීට අදාළව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි මාධ්‍ය අංශය නිවේදනයක් මගින් පවසයි