ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි. සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මෙ බව ප්‍රකාශ කර ඇත.

2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන පරාජය හුදකලා සිදුවීම් නොවන බවයි අමාත්‍යවරයා එහි​දී සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන ගැටලුවලට තාවකාලික විසඳුම් නොමැති බවත්, ඒ සඳහා නිර්භීත වෘත්තීය ප්‍රවේශයක් ගත යුතු බවත් පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් මුදාගත යුතු බවත් අලි සබ්රි අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ක්‍රීඩා නීතියක් හා ව්‍යවස්ථාවක් බලාත්මක කළ යුතු අතර මෙරට ක්‍රිකට්, ක්‍රීඩාවක් හෝ ව්‍යාපාරයක් නොවන බව​ත් එය ශ්‍රී ලංකීක ජාතියේ ආත්මයේ පිළිබිඹුවක් බවත් අමාත්‍යවරයා එහිදි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාර්ථකත්වය මූල්‍ය ප්‍රතිපාදන මගින් මනිනු නොලබන අතර එය අත්පත් කර ගන්නා ජයග්‍රහණය සහ අපගේ ජනතාව තුළ ඇති කරගන්න ආශ්වාද මත රඳා පවතින බවයි ඔහු පවසන්නේ.