ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා  රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ බලශක්ති අර්බුදයක් සම්බන්ධයෙන් දකුණු ඇමරිකානු රට තුළ දැනටමත් යම් පාලනයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

නොවැම්බරයේ බලයට පත් වූ නොබෝවා, බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර, මේ සතිය මුලදී විදුලිය විසන්ධි කිරීම් ආරම්භ කර ඇත

මෙය නොබෝවා විසින් ප්‍රකාශයට පත් කළ දෙවෙනි හදිසි තත්ත්වය වන අතර, පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ පළමු හදිසි ප්‍රකාශය නිකුත් කරනු ලැබුවා.

බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා හමුදාව සහ පොලිසිය යොදවමින් දින 60 ක මෙම නව හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

එල් නිනෝ ලෙස හැඳින්වෙන දේශගුණික සංසිද්ධිය නිසා ඇති වූ නියඟයක් ඉක්වදෝරයේ වැඩි බලයක් නිපදවන ජල විදුලිය සීමා කිරීමට හේතු වී තිබෙනවා.