දැනට අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන අවුරුදු තිහට අඩු තරුණ තරුණියන් සඳහා බැංකු ණය ලබා ගැනීමේදී පොලී අනුපාතය 7% දක්වා අඩු කරමින් ලබා ගැනීමේ හැකියාව ඇති බව  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ආශුබෝධ මාරසිංහ පවසා සිටියේ,

“අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරද්දී 8% පොලි අනුපාතයකට ණය ලබා ගැනීමේ හැකියාවත් ලබාදීලා තිබෙනවා. ඒ වගේම දැනට 13% -14%  අතර තිබෙන සාමාන්‍ය ණය ලබා ගැනීමේ සුළු අනුපාතය ඉදිරි සතියේදී සියයට 10% -11%  අතර ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.එම නිසා ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම හරහා මෙම ප්‍රතිලාභ වයස අවුරුදු 30ට අඩු තරුණයින්ට සහ කාන්තාවන්ට හිමි වෙනවා ඒ අනුව බංකලොත් වෙච්ච තිබුණු රටක නැවතත් තමන්ගේ ව්‍යාපාර නිසි පරිදි ආරම්භ කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා”