ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි
ඊශ්‍රාලයෙන් ඉවත් වීම සඳහා ආරක්ෂාකාරී වාතාවරණයක් පවතින්නේ නම් පමණක් ඊශ්‍රායලය හා පලස්තීන භූමි සීමාවන් තුළ වෙසෙන සිය පුරවැසියන්ට ඉවත් වන ලෙසයි ඕස්ට්‍රේලියාව දැනුම් දී ඇත්තේ.
ඒ, ඊශ්‍රායලය හා ඒ ආසන්න ප්‍රදේශවල ත්‍රස්ත ප්‍රහාර මෙන්ම මිලිටරි ආක්‍රමණයන් හට ගැනීමේ දැඩි අවධානමක් පවතින පසුබිමක එරට ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ. .
එමෙන්ම, ඊශ්‍රායලය හා ඒ අවට කලාපයන්හි ගුවන් ගමන් අවලංගු කිරීම මෙන්ම ගමනාගමනයට ඇති විය හැකි බාධා සම්බන්දයෙන්ද ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත.