කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බවයි.

ඉදිරි පාර්ලිමේන්තු සතියේදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාර දීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන බව ජාතික ජන බලවේගය සහ උත්තර ලංකා සභාගය ප්‍රකාශ කළා.