ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවන තරගයේ 3 වන දිනය අද (26) උදෑසන ආරම්භ කල අතර මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

තරගය නතර කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 357/1 ක් ලෙස සදහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිශාන් මධුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කල අතර ඔහු රැස් කරගත් මුළු ලකුණු සංඛ්‍යාව නොදැවී 149 ක් වේ.

එමෙන්ම දිමුත් කරුණාරත්න ද ලකුණු 115 ක් රැස් කර ගෙන තිබේ.

කුසල් මෙන්ඩිස් ද පන්දු 96 කදී නොදැවී ලකුණු 83ක් ලබගෙන ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 135ක් පසුපසින් සිටියි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 492 ක් රැස් කරගත්තේය.

ඒ අනුව ඉදිරි දින දෙක තරගය පෙ.ව. 9.45ට ආරම්භ කර ප.ව. 5.15 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.