ටෙස්ට් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට අද (27) සමත් විය.

ඒ සදහා වැය කළ පන්දු ගණන 322 ක් වේ.

මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අයර්ලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමය.

තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ කුසල් මෙන්ඩිස් සමගින් නිශාන් මධුෂ්කයි.

ඒ සදහා හතරේ පහර 22ක් සහ හයේ පහරක් ඇතුළත් වේ.

එමෙන්ම කුසල් මෙන්ඩිස් ද සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය ලබා ගැනීමට සමත් විය.

මේ වනවිට කුසල් මෙන්ඩිස් ලකුණු 159ක් රැස්කරගෙන ඇත.

ලකුණු 489 ක් ලබා ගනිමින් අයර්ලන්ත කණ්ඩායමට ලකුණු තුනක් පිටුපසින් සිටියි