රජයේ රෝහල් භාවිත කරනු ලබන ඖෂධ වර්ගවලින් වර්ග 112ක හිඟයක් පවතින බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පැවසිය.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඇමතිවරයා අද (27) මෙසේ සදහන් කළේය.

මේ වනවිට ලංකාවේ රෝහල්වල ඖෂධ වර්ග 1,347ක් භාවිත කරන අතර, එයින් වර්ග 150ක හිඟතාවයක් පැවති බවද ඔහු පැවසීය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කිය.

“ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව රු බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර, එය එක්සත් ජනපද ඩොලර් මිලියන 13.6ක අගයකි. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් වශයෙන් සලකා මුදල් අමාත්‍යාංශය 1%ක බජට් කට් එකක් ලෙස තවත් මිලියන 40ක පමණ මුලක් වෙන් කරලා තියෙනවා ඊට අමතරව.”