සංචාරක ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 160ක් රැස් කළේය. එහිදී සාර්ථක වූ එකම පිතිකරුවා ලෙස නායක වනිඳු හසරංග පන්දු 32කදී ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය.

අනතුරුව ලකුණු 161ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 156ක් පමණි. එහිදී නායක ඉබ්‍රහීම් සද්‍රාන් නොදැවී ලකුණු 67ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.