බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරු නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක් කලනාදන් පවසා ඇත 

මන්ත්‍රීවරයා පැවසුවේ මෙම සාකච්ඡාවට උතුර මෙන්ම නැගෙනහිර පළාත් නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිත බවය.

ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබා ගැනීම සදහා වන සාකච්ඡා මේ වින විට නතර වී ඇති අතර එම සාකච්ඡා නැවතත් ආරම්භ වී අඛණ්ඩව පැවැත්වාගෙන යා යුතු බවත් එසේ සිදු කරනු ලබන අර්ථාන්විත සාකච්ඡා මගින් ජනවාර්ගික ගැටලුවට අවසන් තිරසාර විසදුමක් ලබා ගත යුතුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා ශක්තිමත් කළ යුතුව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ පිළිබඳවද දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

රාජිනි මෙන්ඩිස්