මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මාර්තු 5වෙනි දින පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිළධාරින්  කැදවීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව සදහන් කළා.

මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු විධායකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටුප් සංශෝධනය සිදුනොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිළධාරින්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මහ බැංකුව මෙන්ම රටද හැරයාමට තිබූ බවයි.

තව දුරටත් අදහස් දක්වමින් එම සංගමය කියා සිටියේ පසුගිය වසර තුළ මහ බැංකුවේ සේවය කළ පළපුරුදු නිළධාරින් 100කට ආසන්න පිරිසක් අහිමිව ගිය බවයි.