යුද්ධයේ අවසන් මෙහෙයුම් වලදි මිය ගිය උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාව සිහිපත් කරමින් එම පළාත්වල ජනතාව වසරක් පසා අනුස්මරණය කරනු ලබන වෙල්ලමුල්ලිවයික් කාල් සැමරුම් උත්සවය ලබන (18) වනදා කිළිනොච්චිය පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ඊට සමගාමිව වෙල්ලමුල්ලිවයික් කාල් ඇතුළු උතුරු නැගෙනහිර පළාත් ස්ථාන රැසක මෙම සැමරුම සංවිධානය කර ඇත.

ඒ අනුව වෙල්ලමුල්ලිවයික් කාල් සැමරුම ආරම්භ කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු මුල්ලිවයික් කාල් කැඳ උත්සවය ඊයේ (09) වැල්වැටිතුරෙයි ආවඩ් ප්‍රදේශයේදී පැවැත්වූහ.

එම කැද උත්සවය ඊයේ දිනයේදී මරු දනමඩම හන්දිය, කාරෙයිනගර් හින්දු විද්‍යාලය ඉදිරිපිට, යාපනය මධ්‍යම බස් නැවතුම් පොළ චාවකච්චේරි බස් නැවතු පොළ යන් ස්ථාන වලදිත් සංවිධානය කර තිබිණි.

රාජිනි මෙන්ඩිස්