යුක්රේනයේ කිව් අගනුවර යළි පිපිරීම් රැසක් සිදුව තිබෙන බව වාර්තා වේ.

රුසියාව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර යුක්රේනය විසින් බිම හෙලීමත් සමඟ මෙම පිපිරීම් සිදුව ඇත.

මේ අතර, අදාළ පිපීරීම් සිදුවන අවස්ථාවේ නගරයේ ස්ථාන කිහිපයකටම සුන්බුන් දැකගැනීමට හැකි වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (15) සිට මෙලෙස ප්‍රහාර සිදුවෙමින් පවතින බව ද  යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කර ඇත.

මේ අතර රුසියානු හමුදා පාලනය යටතේ පැවති බක්මීට් නගරයේ තවත් කොටසක් අත්පත් කර ගැනීමට යුක්රේන හමුදාව සමත් වී තිබේ.

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසුබැස සිටින බවත් එම ප්‍රහාර රුසියානු හමුදාවට දැඩි අලාභ හානි සිදුකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

පසුගියදා ජර්මනිය, බ්‍රිතාන්‍ය ඇතුළු බටහි රටවලින් යුක්රේනයට අවි ආයුධ ඇතුළු යුධ උපකරණ ලබාදීමත් සමගයි යුක්රේනය සිය සටන් තීව්‍ර කර ඇත.