රුසියාව යුක්‍රේනයට එරෙහිව ආරම්භ කළ ආක්‍රමණය විවේචනය කිරීම හේතුවෙන් රුසියානු අධිකරණයක් විසින් එරට මාධ්‍යවේදියෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මේ අතර යුක්‍රේන යුද්ධය විවේචනය කළ තවත් වාර්තාකරුවන් පස්දෙනෙකු ද රුසියානු පොලිසිය විසින් පැය 24ක කාලයක් ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන් එක් වාර්තාකරුවෙකුට රුසියානු පොලිසිය විසින් පහරදී ඇති බව ද වාර්තා වනවා.