සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 72ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 187 රැස් කළේය.

එහිදී පිත්තෙන් සාර්ථක වූ සදීර සමරවික්‍රම ලකුණු 51ක් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22කදී ලකුණු 42ක් රැස් කළහ.

අනතුරුව ලකුණු 188ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 17අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 117ක් පමණි

පන්දු යැවීමේදී මතීෂ පතිරණ, වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 02 බැගින් දවාගත්හ.

ඒ අනුව ඇෆ්ගනිස්තානය සමග විස්සයි-20 තරගාවලිය තරග 2-0 ලෙස අවසන් තරගයට පෙරම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එමෙන්ම මෙම තරගයේදී වනිඳු හසරංග ඔහුගේ 100වැනි විස්සයි-20 කඩුල්ල දවාගැනීමටද සමත් විය.