සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම පොලිසියේ සහායක පුරප්පාඩු සඳහා සහභාගි විය හැකි ආකාරයේ සම්මුඛ පරීක්ෂණය ඊයේ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ අද (17) දිනයේ ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතන කාර්යාලයේදී පැවැත්වෙනු ලැබෙනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ https://forms.gle/8DzuH5LUooxg4czE6 හරහා අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය සඳහා උසස් පෙළ හෝ IELTS සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

IELTS පරීක්ෂණයෙන් 4.5ක ප්‍රතිශතයක් ලබා තිබිය යුතු වන අතර අයදුම්කරුවන් අවුරුදු 25ත් – 35ත් අතර වයසේ පසුවිය යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0112 – 800407 ඔස්සේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය.